හිතන්න ඔයත්..
ළාවට හිරිපොදක් යනකොට හිත කිති කවාගෙන මොනවදෝ කියනවා වගේ
යාන්තමට ඈහුණා..
බබා... බබා.. නැගිටින්න නැගිටින්න හොදටම ලේට් වෙලා.. ඔයා
අද කුකරි ක්ලාස් යන්නෙ නැද්ද?
මොන හිරි පොදක්ද අයියෝ.. මමී වතුර ඉහලා මුණට.. මොන
කරදරයක්ද අනේ.. මෙච්චර ගෙදර සෙවෙන්ස්ලා ඉද්දි මම කුකරි ක්ලාස් යන්නේ..
එහෙම තමයි .. බබා බලන්න ස්ටෙලා ආන්ටිගේ ඩොටර් .. ක්ලාස්
කීයකට යනවද ඉතින් ඔයාට බැරිද..
පුළුවන් ..
පුළුවන්.. කියාගෙන මම ඇදෙන් නැගිට්ටෙ කේන්තිය දරාගන්න බැරිව.. අපේ මමිටත් කවුරු
හරි කමක් නෑ මොකක් හරි ක්ලාස් එකක්ට යනවානම්
මාත් එකට යන්නම ඕනී.. නැත්තන් මම ඉදලා ඉවරයි..මටත් මොකද ඉතින් උදේම ගිහින් හවස්
වෙද්දි එනවා.. ,ෆිල්ම් දෙක තුනක් බලලා , හොද රෙස්ටුරන්ට් එකකින් කාලා.. ඒකනම් වෙනම
ෆීලින් එකක් .. පුදුම සැහල්ලු ජිවිතයක් තමා ගෙවන්නෙ එහෙම තමා දකින මිනිස්සු
කියන්නේ.. ඔව් ප්රශ්නයක් නෑ හරි සැහල්ලුයි .. දවස් හතම මොනෙවා හරි ක්ලාස් එකක්..
“ අපේ අම්මා
.. අපේ අම්මා.. මම දොළට ගිහින් නාගෙන එන්නම්.. වසු පැටවුන්ට කන්න දුන්නා,
පුන්නක්කුත් දුන්නා, ෆැක්ට්රි එකට යන්නත් ගොඩක් පරක්කු වෙනෙවා අම්මා..”
මෙහෙම කියාගෙන ලස්සන චුටි ගෑණු ළමයෙක් වෙහිකල් එකට
ඉස්සරහින් පාර මාරු වෙනෙවා.. මන් මේ පුන්චි ගෙදර ගාවින් යන හැමදාම මට ඔය වගේ කතා
නිතර ඇහෙනෙවා.. සෝ බෑඩ්.. වෙලාවකට මට ලොකු ආඩම්බරයක් දැනෙනවා මං ගැන , එයාගේ ගෙදර,
එයා අදින ඇදුම් ඒ විතරක්ද, ඒ ගෙදර මේ හැම දේම දැක්කාම මට මගේ ෆැමිලි එක ගැන හරි
ආඩම්බරයි.. හීනියට පොඩි ඉරිසියවක් හිතෙන්නේ එයාගේ ලස්සන දැක්කම.. ඒත් වැඩක් නෑනේ
මම ගෙවන ජිව්තේ එයාට ලබෙන්නේ නෑ..
හායි..
විෂූ.. මන්ද පමා...
කියාගෙන යාලුවො වෙහිකල් එක ළගට දුවගෙන ආවේ මට තියෙන
ආදරේට නෙවේ කියලා මං හොදටම දන්නවා.. මොකද ඉතින් හැමදාම මගේ අතේ ගාණට තට්ටු කරලා
එයාලා සැපේ ඉන්නවා.. මගේ බෙස්ට් ෆ්රෙන්ඩ් සදු.. එයාගේ ඩැඩියි, මගේ ඩැඩියි එකම
හොස්පිටල් එකේ ඩොක්ටස්ලා.. දෙන්නම කරන්නෙ එකම වැඩේ.. හොස්පිටල් එකට වඩා ඉන්නෙ
එයාලගෙ ප්රයිවට් මෙඩිකල් සෙන්ටර් එකේ.. මොකද ඉතින් එතන වෑහෙන්න සල්ලි.. අපේ මමී
කොහෙද හිටියේ අද කියලා අහද්දි හැමදාම කියන්නේ එහෙමයි..
අනේ
අහන්නෙකො විෂු අද අපි කොහෙද යන්නේ.. ඔයාගේ රන් සමනළයත් ඉන්නවා ඇති ඔයා එනකන් බලාගෙන..
අනේ මේ සදූ මට එයානම් මතක් කරන්න එපා බලන්න ඉන්න විදිය,
අදින ඇදුම්වල කැත.. ඒ වුණාට දෙන්නෙ නම් නැව් ටෝක්.. මට එහෙම කෙනෙක් ගැළපෙනවද...
ඒ වුණාට විෂු.. ඔයාට හද පත්ලෙන්ම එයා ලව් අ.. දැක්කනේ මං
එදා ඇස් දෙක.. කන්න වගේ බලන් හිටපු විදිය..
ඔව්.. ඔව්.. හද පත්ලෙන්ම බුර බුරා නැගන ආදරේ වෙන්න ඇති..
ගැරෙජ් එක්කද කොහෙද වැඩ කරන්නෙ.. යන් යන් කැන්ටින් එක පැත්තට..
“අනේ
මගේ තාත්තා.. නැගිටින්න නැගිටින්න.. ඒ හඩට අපි දෙන්නම ඒ පැත්තට දිව්වෙ හිතලා
නෙවෙ.. දැකලා පුරුදු මුහුණක් ඒත් එකපාරටම මට මතෙකෙට එන්නෙ නෑ.. මගේ තාත්තේ
නැගිටින්න නැගිටින්න කියලා බිම ලේ පෙරාගෙන වැටිලා ඉන්න පිරිමි කෙනාට කතා කරනවා..
මට තෙරුණු තරමින් මේ තාත්තයි, දුවයි.. “කාර් එක්කින් මෙයාලව හප්පගෙන දාලා ගිහින්
තියෙනෙවා”.. එහෙම කිව්වෙ මට එහා පැත්තේ බොයි... ඒත් කිසිම කෙනෙක් එතනට ළං වුනේ
නෑ.. පුදුම මිනිස්සු ..
ඒයි .. අර උබේ
භුංගරාජයා නේද.. අර මනුස්සයා උස්සලා වීල් එකකට
දාගත්තේ .. කිසිම කෙනෙක් එතනට ළං උනේ නෑ.. ඒ අතින්නම් උතුම් කොල්ලෙක් බං එයා..
අනේ මේ මගෙන් මුකුත් අහගන්නේ නැතුව මෙතනින් යන්.. වැඩ
පෙන්නන්න වෙන්න ඇති.. එහෙම කියද්දි එයා මගේ දිහා හැරිලා බැලුවේ හරි වෙනස් විදියට..
මම අනිත් පැත්ත හැරුනේ අපි අහුවෙයි ඕවට කියාගෙන..අද ක්ලාස් එක පැය තුනයි බං.. 1
වෙද්දි ගෙදර ඉන්න ඕනී..දැන්වත් යමු.
මම ඒ වේලාවේ එ සිද්ධිය ඒ තරන් ගණන් ගත්තේ නෑ.. එත් මගේ හිතට ඒක විටින් විට
මතක් වෙන්න ගත්තා.. ඒ විලාපය, ඒ මුහුණ, තැවරුණු ලේ.. ඔහුගේ පැමිණිම .. අනේ මට
පිස්සු..
චූටි බේබී.. චූටි බේබි.. ඔන්න ආයා අම්මා කෑගහනවා අනිවාරෙන්
මොනෙවා හරි කන්න ගෙන්න ඇති.. ටේබල් එක උඩින් තියන්න මම එන්නම්.. ටේබල් එක උඩ
තිබුණු ඇපල් එකත් අතට අරගෙන මම ලැසිත් එක්ක පාරට බැස්සේ ජොගින් කරන්න තිබුණු
වුවමනාවටම නෙවේ.. පොඩි රස්තියාදුවක් ගහන්න හිතුන නිසා..
“අනේ
අම්මේ.. ගිය මාසේ පඩිය 10,000ක් තියෙනෙවා.. මේ මාසෙත් වැඩ කරගත්තොත් වැඩිපුර සල්ලි
ටිකක් තව හම්බවෙයි නේද.. අයියටත් ලොකු බරක් නෑනේ අම්මා.. එයාට පාඩුවේ වැඩ ටික
කරගන්න පුලුවන්නේ.. තාත්තා ලෙඩ ඇදට වැටුනේ නැත්නම්.. අපිට වසු පැටව් දෙන්නා
විකුණන්න වෙන්නෙ නෑ.. බෙහෙත් වලට දැන් සල්ලි තියෙනෙවනේ..
පාර්ක් එකට යන මග මට හැමදාම ඇහෙන ඒ හඩින් කතා කරනවා
ඇහුණා. මට ඒ කතාව අහාගන්න ඔනේ වුනු නිසාම මගේ ගැළවුණු ලේස් එක ගැට ගහන්න ගොඩාක්
වෙලා ගියා.. අනේ ඇත්තට මට හිතාගන්න බැරි වුණා මාසෙක සැලරි එක 10,000යි, ඒක ගැන මොන
තරන් සතුටින්ද එයාලා කතා කරන්නේ.. කන්න බොන්න බෙහෙත් ගන්න ඒ හැමදේටම ඒ ඇතිද.. මට
මගෙන්ම ඒ ප්රශ්නේ ඇහුනේ මේ ලැසියට අපේ ගෙදර ඊට වඩා වියදම් යනවා.. එයාගේ කෑමට ,
බෙහෙත් වලට.. මම වෙනෙම ලොකේකට ගිය වගෙ
දැණුනා..
මොකක්ද
මනුස්සෙයෝ කරන්නේ අහක බලන්ද යන්නේ.. මගේ
ඇපල් එකත් වැටුනා..මං එහෙම කෑගැහුවට
ඇත්තටම වැරදි මම.. ඒ උනාට මම සෙකන්ඩ් වෙන්නෙ නෑ.. එහෙම කෑගහලා මූන බලනකොට
තමා දැක්කේ එයා කියලා.. ඔව් ඔව් සදු කියන්නේ මගේ මල්සරා කියලා.. එයා තමයි.. ඒත්
වෙනදා වගේ මනමාල බැල්මක්වත් , කටකාර කතාවක්වත් එයා ළග තිබුණේ නෑ.. සොරි නෝනා කියලා
බිමට වැටුනු මගේ ඇපල් එක ඇහිදලා දීලා.. ආයෙත් බිම බලාගෙන පාර දිගේ ගියා.. මට හරි
පුදුමයි..
ඇවිදින්න හිතාගෙන පාර්ක් ගියාට මට බෑ හිතුණා.. ටැක්සි
එකක් අරන් අනිත් අතට මම ගෙදර ආවා..ලෑසීව කුඩුවට දාලා මම රූම් එකට ආවේ කවදාවත් දැනුනේ නැති හැගිමක්
එක්ක..
හැමදාම මම කෙරේ මගේ සල්ලිකාර ජිවිතය ගැන සතුටු වුනු එක,
යාලුවොත් එක්ක ඇවුදපු එක අතට අහු වුනු හැමදේම කාලා දවසට දහස් ගාණක් වියදම් කරපු
එක.. මම ඒ ගෙදර හැමදාම දකිනවා එත් මෙහෙම දෙයක් දැනිලා නෑ..
බබා.. ලැස්ති
වෙන්න මගෙන් එක්ක ඩැඩි ඉන්න හොස්පිටල් එකට ගිහින් එන්න.. මමී කැගහන්නේ ටිකක්
තරහෙන් වගේ මේ වෙලාවට ඩැඩි බලන්න යන්න අනේ මන්දා.. අනේ මමී මට අයිටී ක්ලාස් එකේ
හොර්ම් වර්ක් තියෙනෙවා.. ඕකේ මම ගිහින් එන්නම් ඔයා ඉන්න..
ඒ ගෙදර
මගේ හිතට වද දෙනවා, එක කාමරයක්වත් තියෙනවද දන්නෑ, තව අයියා කෙනෙකුත් ඉන්නවා
කිව්වනේ.. අනේ මන්දා මගේ හිතට මේ ලගක ඉදන් මොකක් වෙලාද කියලා.. පොඩි දෙයක් ඇති..
සදු FB එකට පොස්ට් එකක් දාලා තිබිලා මම කමෙන්ට් එකක් දැම්මා.. අම්මො ඉතින් මටත්
අත තියන් ඉන්න බෑනේ.. ඔන්න ඉතින් පිස්සෙක් වගේ කියවන්න පටන් ගත්තා...
ආ ව්ෂු.. කොහොමද හෙට එනවා නේද..
එනවා එනවා බං ඇයි..
මේ අහපන්කෝ.. දෙයක් කියන්න මට මොනවද දෙන්නේ..
අනේ මේ කියන්නකෝ..
උඹේ කුමාරයා හම්බ වුනා . මන් හිතන්නේ එයා කැම්පස් වගේ
බං..
ඇයි එහෙම කිව්වෙ..
නෑ අපේ අයියගේ ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කොළඹ යුනිවර්සිටි
එකේ.. එයත් එක්ක හිටියේ..
ඒක හරි කතාවක්නේ බන් එහෙම හිටියට කැම්පස් වෙනවද..
හිටපන්කො කියනකන් .. මන් හිමිට කතාව අහාගෙන හිටියා.. එයා
පාර්ට් ටයිම් එක්කට කේටරින් එක්කට ගිහින් ප්ලේට් වගයක් බිදිලා... ඒක ගෙවන්න දවස්
10ක් ෆිරී වැඩ කරන්න කිව්වලු.. මට පව් හිතුනා බං.. ධනුක අයියා කිවුවා එසයිමන්ට් වගයක් දුන්නලු නෙක්ස්ට් වීක්
එකේ සබ්මිට් කරන්න .. මනුස්සයා ලොකු ප්රශ්නෙක වගේ ඉන්නෙ බං..
එහෙමයි කියලා මට කතා කරන්න බෑනේ අනේ.. අපි හෙට මීට්
වෙමුකෝ..
මම ඩේටා ඔෆ් කෙරේ තවත් දුකක් මගේ හිතට ඔනේ නැති නිසා..
“ඕකේ ඩාලින් ඔයා දිගටම මේ වැඩේ කරගෙන යන්න .. මම මගේ
බබාත් එක්ක ගමට යන්නම්.. එයාලට පුලුවන් මාවබලාගන්න.. “ අදත් දෙන්නගේ වලියක් වගේ..
අනිවාරෙන්ම ඩොක්ටර් නිශානි ආන්ටිගේ , අපේ ඩැඩිගෙයි හොර වැඩක් අපේ මමීට අහුවෙලා
වගේ.. මටනම් දැන් ඇතිවෙලා.. මමී තරහා වෙනෙවා ගමේ යනවා අයේ එනවා.. මාත් යනවා එනවා..
දුප්පත් වුනත් ඒ පවුල කොයි තරන් සමගියෙන් ඉන්නවද ,
වෙනසකට තියෙන්නේ මට සල්ලි තියෙනෙවා ,
නිදහස තියෙනවා ඒත් ජිවිතේ එකම පිස්සුවක්.. ඒයාලට සල්ලි නෑ ගොඩක් මහන්සි
වෙනවා ඒත් ජිවිතේ හරි සැහල්ලුවෙන් ගෙවනවා..
ඇත්තටම මට ඕනේත් ඒ සතුට නෙවේද...
වෙනෙදා බැල්කනි එකට වැටෙන හඳ මේ තරම් ලස්සන නෑ අද අමුතුම ලස්සනක් එක්ක පාළු ගාර්ඩන්
එකට එළියක් ගෙනල්ලා...
මමී මාවත් ඇහැරෙවගෙන උදෙන්ම හොස්පිටල් එකට යන්නෙ හොදකට
නෙවේ කියලා මට හොදටම තෙරුණා.. යනකන් නිශානි ආන්ටිට බැන බැන ගියේ. මම හොස්පිටල් එක
ළග වෙහිකල් එකෙන් බැස්සේ මොනවා වෙයිද කියලා හිතාගන්න බැරුව..
මමී වුසෙන්ඩ් වෝල්ඩ් වගේ දිව්වේ නිශානි ආන්ටිගේ රූම්
එකට.. ඇතුලේ මොනවා වෙනවද කියලා මට හිතාගන්න බෑ.. මට දැනගන්න ඕනිත් නෑ.. මම එතන
තිබුනු බෙන්ච් එකක් උඩ වාඩි වුනේ කරන්න දෙයක් තිබුනේ නැති නිසා..
අරමුණක් නැතිව මම එහෙ මෙහෙ බල බලා හිටියේ මමී එනකන්..
එකපාරට ලස්සන මල් ගවුමක් ඇදගත්ත ගෑණුළමයෙක් පිරිමි කෙනෙක් වීල් චෙයාර් එක්ක
තියාගෙන තව ගෑණු කෙනෙක් අතින් අල්ලගෙන හොස්පිටල් එක ඇතුලට යන්න හදනවා.. ඒත් එක්ක
මට හිතා ගන්න බැරි විදියට එයත් එනවා.. එයාලත් එක්ක.. ඔව් එයා තමයි.. මම එයාලට නොදැනෙන්න
එයාල පස්සෙන් ගියේ මටත් නොදැනිම කියලා මට අද හිතෙනෙවා.. අපේ ඩැඩී ඉන්න රූම් එක
ඉස්සරහින් නැවතුනු එයලා ඒ ඉස්සරහා පුටු වලින් ඉද ගත්තා.. මගේ හිතේ වෙනස් කරපු ඒ
පවුල .. මට හිතාගන්න බෑ.. ඒ එදා තාත්තව බදාගෙන පාරේ අඩපු ගෑණූ ළමයා , ඔව් මම උදේ
හවස දකින පුංචි ගෙදර ලස්සන කෙල්ල.. එතෙකොට එයා.. ඒ ගෙදර ද හිටියේ..ඒ ගෙදර අයියා..
එදා හැමොම අහක බලද්දි තාත්තවද උස්සගෙන ගියේ.. මට මං ගැනම ලැජ්ජ හිතුණා.. මං එදා
එයාට එහෙම කිව්වේ මගේ ඉස්සරහා වීරයා වෙන්න හැදුවා කියලා.. ඒ මුහුණුවල තියෙන හිනාව
මම අපේ ගෙදර කවදාවත් දැකලා නෑ..ඇත්තටම සල්ලිවලට හැමදේම කරන්න පුලූවන්ද?? බෑ.. මට
ඒක අද හොදට තේරනවා..එයා එනකන් මම ක්ලාස් යන හැමදාම බලන් හිටියා ඒත් එයා ආයේ ආවේ නෑ..
එයාගේ ගෙදර තාම තියෙනවා එත් එයාවත් ලස්සන නංගිවත්
නෑ..එයාගේ තාත්තා හප්පලා දාලා ගිහින් තියෙන්නේ වෙන කවුරුත් නෙවේ මගේ ඩැඩි කියලා මම
දැනගත්තේ පස්සේ දවසක, ඒත් එයාටම සල්ලි දීලා ඒ තාත්තව එයලා සනීප කරගත්තා. හරි පුදුම
ලෝකයක්.. මගේ බොරු ආඩම්බෙරේ ගැන මට හරි ලැජ්ජයි.. මට කිසිම දෙයක් තිබිලා නෑ...
ජිවිතේ ඔනේම දේවල් මට ලැබිලා නෑ.. ඒ දේවල් මම තාමත් හොයනවා..හිතන්න ඔයත්.. ජිවිතේ
ඔයාට ඕන සතුටද ඔයාට ලැබෙන්නේ කියලා??
2020/10/28
නිසංසලා මදුමාලි
Lassana kathawak. .. 😍😍😍
ReplyDeleteLassanai
DeleteThis comment has been removed by the author.
ReplyDeleteJivitahayata aththa kathawak.lassanai.thawa liyanda labewa ❤️❤️❤️
ReplyDeleteලස්සනයි ♥
ReplyDeleteGodak lassanai❤️
ReplyDeleteLassanai maduwo... 😘😘
ReplyDeleteලස්සනයි dhumiii❤️❤️💜️💜️💛💛😍
ReplyDeleteගොඩක් ලස්සනයි.තවත් ලස්සනට ලියන්න ඔයාට පුලුවන්.❤️
ReplyDeleteLassanai
ReplyDeleteලස්සනයි දුමී ♥
ReplyDelete😍😍😍😍❤️👌 සුපිරි
ReplyDelete