හැමදේම වෙන්නෙ හොදට කියන්නේ..

  හැරවුණා... නෑ මම හිතා මතාම ඒ දෙසට හැරෙව්වා.. මගේ වාහනේ කියලද හිතුවේ.. ? නෑ මගේ ජිවිතේ ගැන කිවුවෙ.. අනිත් හැම කතාවකටම වගේ මගේ කතාවේ ශෝඛාන්තයෙකුත් නෑ, සුඛාන්තයකුත් නෑ, අවසානයකුත් නෑ..

 මම හැමදාම හිතුවේ හැමදේම වෙන්නේ  හොදට කියලා , එතනම තමා කියලා හිතෙනවා මම තාමත් ඉන්නේ. ඒ මොකද මට තාම ජිවිතේ වැරදුනෙත් නෑ, හරි ගිහිනුත් නෑ , වෙන දෙයක් බලාගෙන ඉන්නවා..

       “ පොඩි දුව” අම්මා කුස්සියේ ඉදන් කෑගහනෙවා.. පොඩි දුව කිවුවට මට වෙන අක්කලා නෑ ඒත් එයා මට ආදරේට කතා කරන්නේ එහෙමයි.. මම ආසයි එකට..

“ ඇයි අම්මා” කියාගෙන අම්මට ළං වුනේ වෙනදා වගේම මගේ රත්තරනේ කියාගෙන.. ඒක හරි වෙනස් තමයි , ඒත් අපි යාලුවෝ වගේ ඒ බැදීම හරි ශක්තිමත්.. මගේ ලොකේ එයා.. මට වටිනම වස්තුව..

ඉතින් මම උසස් පෙළ කරන්න ටවුන් එකේ ස්කෝලෙට ගියේ කොහොමහරි කැම්පස් යනවා කියලා හිතාගෙන, ඔව් ඒ වෙනුවෙන් මං ගෝඩාක් මහන්සි වුණා.. මගේ මහන්සියට හයිය වුනේ මගේ තත්තා, මගේ අත්වැල වුනේ මගේ අම්මා.. තාත්තට තිබ්බ එකම  හීනේ වුනේ මාව ලොකු නෝනා කෙනෙක් කරන එක.. ලොකු කිවුවට තාත්තගේ වචන වලින්ම කියනවනම් එයාට ඔනේ වුනේ රෑ නිදි මරාගෙන , දවල්ට අව්වේ කන කට්ට මට නෝදි, මම ඔසරියක් ඇදගෙන උදේ හවස යනවා එනවා දකින්න..

ඉස්කෝලේ යනකාලේ ඉදන් මං හරි දක්ෂයි කතාවට, නිවේදනයට මම නෙවේ ඒක මට වඩා විශ්වාසෙන් කියන්නෙ මගේ අම්මා.. එයා ආස වුනේ දවසක මම ටිවි එකේ නිවේදිකාවක් වෙනවා දකින්න.. මගේ හිතෙත් ඒ ගැන අදහසක් තිබ්බා, ඒ ඇයි කිවුවොත් මට මතක් ඇති කාලේක ඉදන් කථික තරගවලට යනවා, දිනලත් තියෙනෙවා . ගමේ ළමා සමාජේ විවාද කණ්ඩායෙමේ ලීඩර් මම, ඒ විතරක් නෙවේ ළමා සමාජේ සභාපති උනෙත් මම, ගමේ හැම උත්සවයකම මගේ නිවේදනය නැතුව බැරි වුණා.. ලාවට වගේ නටන්න පුලුවන් හැකියාවකුත් තුබුණා, ඒ කාලේ ෆෝටො දකිද්දි දැන් හිනාත් යනවා. ඒත් හරි ලස්සන මතක, ජිවිතේ සුන්දරම මතක. මගේ පුරාජෙරුව කියෙව්වා නෙවේ නිකමට වගේ කිව්වේ ඉතින්.. දැන් ඒවා නතර වෙලා..

          ළිප ලගට හිමිට ළං වුනේ අම්මා උයලා තියෙන්නේ මොනවද කියලා බලන්න. තාම බත් එක ළිපේ... බඩගින්නට වඩා පොඩි බඩජාරිකමක් තියේනෙවා මට අම්මා උයනවා දැක්කම මොකද එහේ ඉද්දි ආශාවකට ලුණු, ඇඹූල් ඇතුව කන්න නෑනේ.. කොරෝනා කරපු එකම හොද වැඩේ තුන් වේලෙම කටට රහට කනවා අතේ සතේ නැතුව..

එහේ කිවුවට කොහෙද බලන්න ඇතිනේ , ඔව් තාත්තගේ හීනේ මල් ඵල දරමින් මම විශ්ව විද්‍යාලයට සමත් වුණා.. ඒ මගේ ආසම වගේම, මගේ ආසම ගුරුවරයා මට මවලා දිපු ලස්සනම කැම්පස් එක කැළණිය විශ්ව විද්‍යලයට , පන්සලට යන වාරයක් ගානේ,  මාළීගාවට , ගැටඹෙට යන වාරයක් ගානේ විභාගේ පාස් කරන්න කිවුවට් වඩා මම ඉල්ලුවේම කැළණිය විශ්ව විද්‍යාලයට යන්න ලැබෙන්න කියලා . මගේ Z අගය කීය වුනත් මම මුලින්ම ඉල්ලුවේ කැළණීය, ඒක මට හොදට මතකයි.. එහෙම කිවුවේ මොකද මට ළගම කැම්පස් එක වුනේ හැමෝම එන්න හීන මවන, පෙම්වෙතුන්ගේ හීන පරාදීසය , ස්භාවදර්මයාගේ සොදුරු නිර්මාණය පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ළග තිබ්බමත් ගොඩක් දේවල් මිනිස්සුන්ට අගේ නෑ කියනෙවානේ , මටත් වෙන්න ඇත්තේ ඒක. හැබයි මන් හිතුවෙ නැ ඒක වැරදි කියලා මං හිතුවේ හැමදේම වෙන්නේ හොදට කියලා. කැළණියට යන්න ලැබුණේ පෙර පිනකට කියලා වැඩ ටික කරන්න පටන් ගත්තා.

                   ග්රාස්... ජර බරාස්..

සාලය පැත්තෙන් තමා ඒ සද්දේ ආවේ .. “එකත් එකටම විදුරු ටික බිදින්න ඇති අර පෝරිසාදයා.. අතපය හයිය වැඩීනේ තියගෙන ඉන්නෙ බෑ ඔකාට” මෙහෙම කියාගෙන අත්තම්ම ආවේ සාලේ විදුරු අහුරපු අල්මාරිය ළගට .. හරි කිව්වත් වගේ හරියටම හරි මගේ දඩම්බර මල්ලි, අම්මො වේලාවට ඉන්නේ උ විතරයි තව එකෙක් හිටියනම් මට ගෙදර ඉන්න වෙන්නේ නෑ..

“අනේ මේ මං අත්තම්මාගේ විදුරුවක් බින්දේ නෑ මේ අම්මා සීට්ටු දාපුවා” කියාගෙන මූ හීන් සිරුවේ කාමරේට ගියේ. ඊගාවට අත්තම්මාගේ ආදෝනාව අහගෙන ඉන්න බැරි තැන කියලා මං හොදටම දන්නවා..

“අම්මාගේ ඔව් උඹලගේ අම්මා, දැවැද්දට ගෙනාපුවා වෙන්න ඇති, මහන්සි ඇති උස්සගෙන ඇවිත් මෙතන, ගෙනවානම් තව මොනවත් බැරියැ.. මේකත් එකීගේ ගානට ඉන්නේ..

අත්තම්මාගේ ඔය කතාව මගේ අම්මටවත්, මටවත් එ තරම් හිතට යන්නෙ නෑ..නැන්දම්මා - ලේලි ගැටුම සාම්ප්‍රදායිකව මෙහේ නොකඩවා දිග හැරේනෙවා.. නඩුකාර උන්නාන්සේ අපේ තාත්තා එයා ඇවිත් දෙපාරක් බැලුවම හැමදේම ඉවරයි.. ඔය මොනා වුනත් ඒත් හැමදේම වෙන්නේ හොදට කියලා මං හිත හදා ගත්තා.

                අම්මගේ බත් එකේ රහ වෙනදා තරම්ම මට දැනුණේ නෑ. ඒ අම්මාගේ බතේ රස අඩුවෙලා නෙවේ.. මගේ හිතේ කිසිම නිදහසක් නැති නිසා. මගේයි, මල්ලිගේ බර තාත්තට දීලා මට තවත් අතපය පොරවගෙන ගෙදරට වෙලා ඉන්න බෑ. ඒ ඇස් දෙක තාම ප්‍රණවත්, මොන අඩුව දැනුණත් තනියම ඒ හිතට තාම හයිය තියෙනවා.. ඒ අත්වල කරගැට ආවේ, උරහිසේ හම ගියේ ඔහුගේ සතුට වෙනුවෙන් නෙවේ අපගේ ජිවිත සරු කරන්න කියලා මං හොදටම දන්නවා.. ඒ ඇස්වල කදුලු පිරුණේ මගේ අම්මා ඉස්සරහා විතරයි.. පොඩි දේටත් දෙන්න බැන ගත්තට ඒ දුක සතුට රැදිලා තිබ්බේ ඒ ආදරේ මත කියල මට හොදට දැනිලා තියෙනෙවා..

      කොවිඩ් -2019 කොරොනා ලස්ස්න තමන් වගේ දැක්කට ජිවිතේ එහෙම පිටින්ම නතර කරපු අසුන්දර යානක වරස් එකක් . මං පොත්වල බොහෝ වසංගත පිළිබදව කියවා තියෙනෙවා , ඒත් මේ වගේ අත්දැකිමක් විදින්න වෙයි කියලා හිතුවේ නෑ..

               ෆෝන් එක වයිබ්‍රේට් වුනු සද්දෙට කාමරේට දිව්වේ මොකක්ද පණිවිඩේ බලන්න, වට්සැප් මැසේජ් ගොඩක් හිමිට කියවන්න පටන් ගත්තේ මොනවද තියෙන්නේ කියලා බලන්න. එසයිමන්ට් ගැන ගුරූප් එකේ චැට් කරනවා..

එක්සෑම් පෙනි පෙනී තමා ආයේ කොරෝනා වසංගතය නිසා රට කැළඹුණේ. හැමදේම වෙන්නේ හොදට කියලා මගේ අතරමග නතර කරලා තිබුනු එසයිමන්ට් එක  අතට ගත්තේ ඉතුරු ටිකක් කරලා ඉවර කරන්නත් කියලා හිතාගෙන..

“ ආයේ කෝරෝනා “කියලා කිවුවම එක පාරට හිතෙන්න ඇති ඇයි කියලා, ඇත්තටම 2020, කොරොනා 20 කිවුවානම් තවත් හොදයි.. අවුරුද්ද පටන් ගත්ත දවසේ ඉදන් මේ වසංගතේ.. මට මතකයි මේ කතාව පටන් ගත්තේ චීනේ වුහාන් වලින් චිනේ කියන විදියට එයාලවත් දන්නෑ කොහොමද ආවේ කියලා .. මේක නිසා ජිවිතේට අලුත් පුරුදු ගොඩක් ආවා, අලුත් වචන කෝරෝනා, කොවිඩ්, නිරෝධායනය, PCR text ඒ විතරක් නෙවේ.. යන හැමතැනම මුඛ ආවරණ පළදින්න වුණා, සැන්ටයිසර් අත් දෙකට දාන්න වුණා, අත් නිතර නිතර පිරිසිදු කරන්න වුණා, ජිවිතේ කොයි තරම් හැරවුනාද කියවුනානම් සමාජ දුරස්තභාවය කියලා අලුත් වචනයක් එක්ක හැමෝගේන්ම මීටරයක් දුරින් ඉන්න වුණා.. PCR text කරයි කියලා මිනිස්සු ලෙඩෙට වඩා බයේ හිටියේ,  මූණට මුණ ගැහෙන කෙනාට කතා කෙරේ කොයි තරම් බයෙන්ද , ඇත්තටම බස් එකේ ගිහින් ගෙදරට ආවේ නෑ එළියෙන් නාන්නේ නැතුව . එහෙම කාලයක් අපිට ඇති කරගත්තේ අපිමයි.. මං හිතන විදියට සොභාදහමට කරපුවාට දඩුවමක් තමයි මේක.. නිදහසේ හුස්ම ගන්නත් තහනම් වුනා...

         “මිහිරාව ආවා මදුරහස කීවා..”

ඇහුණ ගමන් මං කාමරේට දිව්වේ.. ඒක සිංදුවක කොටසක් තමා ඒ වුනාට මගේ ෆොන් එකේ රිගින් ටෝන් එක නිසා .. කෝල් එකක් මන් බලාපොරුත්තු වුණු කෝල් එකම තමයි.. එයාගෙන් තමයි.. සේව් කරලා තියෙන නම මොකක්ද කියලා කියන්න ඕනේ නැනේ...

හෙලෝ.. ඕ හෙලෝ

කොහෙද ගිහින් හිටියේ..

මං මේ ඉස්සරහා ටිවි බලන ගමන් හිටියේ..

මොකද නිකන් තරහින් වගේ කතා කරන්නේ..

ඇති තරහක් නෑ

මම පොඩි වැඩකට එළියට යනවා.. ඇවිත් මැසේජ් එකක් දාන්නම්..

හා පරිස්සමින් ගිහින් එන්න..

එයානම් කවදාවත්කියන දේ අහන කෙනෙක් නෙවේයි.. කොරෝනා නිසාවත් ගෙදර ඉන්න කිවුවට ඉන්න කෙනෙක් නෙවෙයි.. එයාට වැඩ තියෙන්නෙම එළියේ .. ඉතින් මං එපා කිව්වා කියලා එයා අහන්නෙත් නෑ. හැමදේම වෙන්නේ හොදට කියලා මං හිත හදාගෙන ඉන්නවා..

ලක්ෂ 11කට වැඩි මිනිසුන් මේ වන විටත් ජිවිතේට සමුදි ඇත්තේ කොරෝනා නැමැති වසංගත රකුසා නිසාවෙනි... අවුරුද්දකට ආසන්න කාලයක් රටවල 208 කට වඩා මෙම වරස් එක ව්‍යප්ත වීම හේතුවෙන් අසරණ වෙලා සිටින මොහොතකට,  ශ්‍රි ලංකාව වගේ පුංචි රටක් ගැන කවර කතාද , නමුත් සියලු ලෝක බලවතුන් ඇද වැටී සිටියදී එක් විටෙක ආරක්ෂාකාරි ලෙස නැගිටින්න පුළුවන් වුනා.. මරණ 12කින් පාලනය කර ගන්න පින තිබ්බා.. ඇමරිකාව , එංගලන්තය වැනි ප්‍රබල රටවල්  මේ වෙනකොට හොදටම  අසරණ වෙලා.. ලක්ෂ ගණන් මනුස්සය ජිවිත නැති වුනා.. ලෝක ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් ආසාදිතයන් වෙලා.. දෙවන අදියර කොතෙනකින් නතර වෙයිද කියලා හිතා ගන්නවත් බෑ..

එහෙම හිතෙන කොට මගේ නැවතිලා තියෙන අනාගතය ගැන කිසිම බලාපොරුතුවක් ඉතිරි වෙන්නේ නෑ. ඒත් අනාගතේ ගැන ලොකු හිනයක් තියෙනෙවා.. ඒ මන් වෙනුවෙන් නෙවේ මගේ දුක් විදින දෙමාපියන් වෙනුවෙණ්, තවත් වේලාවක මට හිතෙනෙවා මේ මිනිසුන්ට තවත් බරක් වෙන එක කොච්චර ආසාදාරණද කියලා මාගේ වයසට අනිත් අයගේ ජිවිත කතාව මීට වඩා හරි වෙනස්. ගොඩක් අය රැකියාවක් එක්ක දෙමාපියන් බලාගෙන එයාලගේ ස්ථාවරයට ගිහින් පවුල් පන්සල් වෙලා ඉවරයි.. ඒත් මම?

ඒත් වන හැමදේම වෙන්නේ හොදට කියලා සියල්ල කාලයට බාර දීලා මම බලන් ඉන්නවා. ඒත් මීට වඩා වෙනස් හැරවුවමක්කින් ජිවිත කතාව ලියන්න (,) තබා මෙම කතාව  මෙතනින් අවසන් කරන්නේ අනාගතයේ ආලෝකය දෑස් අද්දර තවමත් දිස්නේ දෙන නිසා..

 

 

 

 

2020/10/24

නිසංසලා මදුමාලි..

Comments

  1. Harima lassanata jivitha kathawa geththam karala thiyenawa patiyo.❤️❤️❤️❤️

    ReplyDelete
  2. Hithata danuna eka.ලස්සනයි 😍😍💜️❤️💓

    ReplyDelete
  3. Harima lassani dumiyo 😍😍😍

    ReplyDelete
  4. Attatama lassanai maduuuu ❤️❤️❤️❤️

    ReplyDelete
  5. ලස්සනයි දුමී ♥

    ReplyDelete
  6. ජීවිතේ කවියක්
    ආදරේ මිහිරිතම වදනක්
    කඳුලැලි බිඳක් හසරැලි පොදක්
    එකට එක් වූ විට දැනේ
    පෙර නොවිඳි රසයක්..❤️❤️

    ඇත්තටම හැමදේම වෙන්නෙ හොඳට...මේ ආරම්ඹෙ විතරයි.ඔයාගෙ කතාව තවත් ලස්සන වේවි ඉස්සරහට...සුබපැතුම් ❤️

    ReplyDelete
  7. ජීවිතේ නෙක පැතුම් අතරේ
    මුසුව ඇත යම් රසක් රහසේ
    විටෙක සුමුදුයි විටෙක රුදුරුයි
    එයින් ලෝකය පැවත එන්නේ
    සියලු දේ සම සිතින් දරනා
    දිනුම නුබ තුළම ඇත්තේ....💕💕💕

    ReplyDelete

Post a Comment

Popular posts from this blog